English (United Kingdom)Tamil (Sri Lanka)

CA Sri Lanka

    Font size
  • Increase font size
  • Decrease font size

ප්‍රා‍යෝගික පුහුණුව

වෘත්තිකයෙකුගේ කුසලතා සහ නිපුණතා ගොඩනැගීමෙහිලා ප්‍රායෝගික පුහුණුව වැදගත් මෙහෙවරක් ඉටු කරයි. එබැවින් වෘත්තීමය පුහුණුව සඳහා අඳාල අවශ්‍යතා සපුරාලීම වරලත් ගණකාධිකාරිවරයෙකු වීමේලා අත්‍යවශ්‍ය අංගයකි.

අධ්‍යයන කාලය තුළ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් ලබන තුන් අවුරුදු ප්‍රායෝගික පුහුණුව අප ආයතනයෙන් ලබන සුදුසුකම්වල ඉතාම වැදගත් වූත් සුවිශේෂ වූත් ලක්ෂණයකි. වරලත් ගණකාධිකාරවරුන්ගේ අන්තර්ජාතික සම්මේලනයේ (IFAC) අන්තර්ජාතික අධ්‍යාපන භාවිතය පිළිබඳ ප්‍රකාශයේ ඇතුළත් නිපුණතා පදනම් කරගත් ප්‍රමිතිවලට අනුකූලව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පුහුණුවෙහි ගුණාත්මක භාවය සහ අදාළත්වය සහතික කිරීම සඳහා ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා වැඩි දියුණු කර ඇත. අදාළ විභාග සමත්වීම සමග අනුමත ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා සපුරාලන ඕනෑම ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් ආයතනය විසින් පිරිනමනු ලබන සහතික ලබා ගැනීමට සහ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබයි.

නිර්දේශිත පුහුණු කාලය සහ අඳාල පුහුණු මට්ටම්

අවම වශයෙන් වසරකට වැඩකරන දින 220ක් තිබිය යුතුය යන පදනමට යටත්ව, වසර තුනක පුහුණුවක් පුහුණුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සම්පූර්ණ කළ යුතුය.

සම්පූර්ණ ප්‍රායෝගික පුහුණු කාලය මට්ටම් දෙකකට බෙදනු ලැබේ.

1. සහතික පත්‍ර මට්ටමේ පුහුණුව - සීමාවාසික I
2. උපාය මාර්ගික මට්ට‍මේ පුහුණුව
2.1 උපාය මාර්ගික මට්ටම I - සීමාවාසික II
2.2 උපාය මාර්ගික මට්ටම II -සීමාවාසික III

ඉහත සඳහන් පුහුණු මට්ටම් දෙක වෙන වෙනම අත්සන් තබන පුහුණු ගිවිසුම් දෙකක් මගින් ආවරණය කළ යුතු ය. කෙසේ වුවද, අවශ්‍ය නම් මට්ටම් දෙකම එක ගිවිසුමකින් ආවරණය කළ හැක.

ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අනුමත පුහුණු ආයතන

අනුමත පුහුණු ආයතන වර්ග දෙකකට බෙදනු ලැබේ.

විගණන ආයතන - වෘත්තියෙහි නිරත වන වරලත් ගණකාධිකාරීන්ගේ සමාගම් සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව
විගණන නොවන ආයතන - විගණන ආයතන ලෙස වර්ග කර නැති අනෙක් සියළු පුහුණු ආයතන

පුහුණුව සඳහා නිර්දේශිත පුහුණු ආයතන 1000කට අධිකය.

සහතික පත්‍ර සහ උපායමාර්ගික මට්ටම් සඳහා අනුමත පුහුණු ආයතන සදහන් ලැයිස්තු වෙබ් අඩවියෙහි සහ පුස්තකාලයෙහි දී පරිශීලනය සඳහා තබා ඇත.

අනුමත පුහුණු ආයතන සහ පහුණු අවස්ථා

අනුමත පුහුණු ආයතනයකසේවය කිරීමෙන් නියමිත ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කළ යුතුය. අනුමත කළ සියළු පුහුණු ආයතන වෙබ් අඩවියෙහි දක්වා ඇත.

පුහුණු පහසුකම් සඳහා පහත ආයතනවලට සෘජුවම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවනට හැකිය. නොඑසේනම් වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්‍ය සේවා අංශය හරහා පුහුණුව සඳහා අයදුම් කළ හැක. ප්‍රායෝගික පුහුණුව පිළිබඳ නිරතුරුව පැන නගින ගැටළු මගින් පුහුණු අවස්ථා ඉල්ලා සිටිය හැක.

නිතර අසන ප්‍රශ්න – ප්‍රායෝගික පුහුණුව

ප්‍රායෝගික පුහුණුව වරලත් ගණකාධිකාරීවරයෙකු වීම සඳහා නියමිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමයේ විෂයමාලා ව්‍යුහයේ අවශ්‍ය අංගයකි.

එබැවින් ආයතනය පිරිනමන සහතික ලැබීම සඳහා සුදුස්සන් වීමට අදාළ විභාග සමග විශේෂිත පුහුණු අවශ්‍යතා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සම්පූර්ණ කළ යුතුය.

ආයතනය පිරිනමන සහතික මෙසේය. ගිණුම්කරණය සහ ව්‍යාපාර සහතිකය (CAB), ගිණුම්කරණ සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව (DAB), ආශ්‍රිත සාමාජික (ACA) සහ පරිචයන සහතිකය. (Certificate to Practice)

අධ්‍යයන කටයුතු සමග ප්‍රායෝගික පුහුණුව එකවර ලබමින්, ප්‍රා‍යෝගික පුහුණුවෙන් ලබන වෘත්තීය කුසලතා අධ්‍යයන කටයුතු සඳහා උපයෝගී කර ගැනීමටද, අධ්‍යයන කටයුතුවලින් ලබන දැනුම ප්‍රායෝගික පුහුණුවට උපයෝගී කර ගැනීමටද, අවස්ථාව ලබා ගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවනට අනුබල දෙනු ලැබේ.

ශිෂ්‍ය ලියාපදිංචිය වූ අවස්ථාවේදීම ප්‍රායෝගික පුහුණුව ලැබීම ආරම්භ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවනට පුළුවන. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් තම වරලත් ගණකාධිකාරී විභාග ඇරඹූ වහාම අදාල ප්‍රායෝගික පුහුණුවද ආරම්භ කිරීම නිර්දේශ කර ඇත.
අනුමත ප්‍රායෝගික පුහුණුව සඳහා නියමිත සාමාන්‍ය කාලපරාසය පහත දැක්වේ.

පාඨමාලාව පුහුණු මට්ටම අවසන් කිරීමට ගතවන නිර්දේශිත කාලය එළඹිය යුතු පුහුණු ගිවිසුම
11224 සීමාවාසී I සහතික පත්‍ර මට්ටම අවු. 01යි (වර්ෂයකට වැඩකරන දින 220) සහතික මට්ටම (අවුරුදු එකයි)
19324 සීමාවාසී II උපායමාර්ගික මට්ටම-I අවු. 01යි (වර්ෂයකට වැඩකරන දින 220) උපායමාර්ගික මට්ටම (අවු. 02)
25424 සීමාවාසී III උපායමාර්ගික මට්ටම-II අවු. 01යි (වර්ෂයකට වැඩකරන දින 220)

උපායමාර්ගික මට්ටම I සහ II, වසර දෙකකට අත්සන් කරන ලද එක ගිවිසුමක් යටතේ අවසන් කළ යුතු ය.

Examination Level of training & Duration to be completed
CAB I සහතික පත්‍ර මට්ටම I පුහුණුව අනිවාර්ය නැත.
CAB II සහතික පත්‍ර මට්ටම II පුහුණුව අනිවාර්ය නැත.
Strategic I / උපායමාර්ගික මට්ටම I පුහුණුව අනිවාර්ය නැත.
Strategic II උපායමාර්ගික මට්ටම I ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ සහතිකයට* සුදුසුකම් ලැබීමෙන් අනතුරුව, උපායමාර්ගික මට්ටම I පුහුණුව (දවස් 220) සම්පූර්ණ කිරීම.
Examinations : CAB- Certificate in Accounting & Business
DAB-Diploma in Accounting & Business

* CIMA සාමාජිකයන්ට සහ ශ්‍රී ලංකාවේ අනුමත විශ්වවිද්‍යාලවල ගිණුම්කරණය හා / හෝ මූල්‍ය පිළිබඳ පූර්ණ කාලීන කථිකාචාර්යවරුන් ලෙස සේවය කරන්නන් සඳහා පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් තොරව උපායමාර්ගික මට්ටම II විභාගයට පෙනී සිටීමට අවසර ඇත.

අදාළ විභාග සහ ප්‍රායෝගික පුහුණුව අවසන් කරන සියළු ශිෂ්‍ය ශිෂ්‍යාවනට ආයතනය නිකුත් කරන පහත සඳහන් සහතික ඉල්ලුම් කිරීමට අයිතියක් ඇත.

සහතිකය අවශ්‍ය සුදුසුකම
විභාගය පුහුණුව
ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ සහතිකය (CAB) ව්‍යාපාර ඉංග්‍රීසි II සමග CAB I සහ CAB II විභාග සමත් වීම සහතික පත්‍ර මට්ටමේ පුහුණුව (සීමාවාසී I) හෝ AAT පුහුණුව වෙනුවෙන් නිදහස් කිරීම.
ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව (DAB) ව්‍යාපාර ඉංග්‍රීසි III පළමු කොටස සමග Strategic I හෝ නිදහස් කිරීම උපායමාර්ගික මට්ටම I (සීමාවාසී II)
ආශ්‍රිත වරලත් ගණකාධිකාරී (ACA) (Top CA) සිද්ධි අධ්‍යයනය සමග ව්‍යාපාර ඉංග්‍රීසි III දෙවන කොටස සහ සම්මුඛ පරීක්ෂණය (Viva-Voce) උපායමාර්ගික මට්ටම II (සීමාවාසී III)
වෘත්තියේ නියැලීම සඳහා සහතිකය Certificate to Practice ACA සාමාජිකත්වය ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව සඳහා සුදුසුකම් ලැබීමෙන් අනතුරුව විගණන අංශයේ ආයතනයක වැඩ කරන දින 440ක උපායමාර්ගික මට්ටමේ පුහුණුව

* ඉහත සඳහන් සහතික සභාවේ අනුමැතිය මත නිකුත් කරනු ලැබේ.


විගණන අංශයෙහි සහ විගණන නොවන අංශයන් හී සහතික සහ උපායමාර්ගික මට්ටම්වලට අදාළ අනුමත ආයතන ලැයිස්තු සඳහා www.casrilanka.com (Practical Training under Student’s Page) වෙබ් අඩවියට පිවිසෙන්න.

ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට කැමති ආයතනයේ ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවනට ආයතනය අනුමත කළ විගණන අංශයේ සංවිධානයක් හෝ විගණන නොවන අංශයේ ආයතනයක් එම ආයතනවලට සෘජුවම ඉල්ලුම් කිරීමෙන් සොයා ගත හැක. තවද, ආයතනයේ වෙබ් අඩවියෙහි පල කර ඇති පහත පුරප්පාඩු සඳහා ඉල්ලීම් කිරීමේ පහසුව ද සලසා ඇත.

ආයතනයේ වෙබ් අඩවියෙහි Students homepage යටතේ Apply for jobs ඇමතීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවනට සෘජුවම ඉල්ලුම් කළ හැක.

Student login (user ID: Reg.no Password: password)
Training job (If there is any vacancy it will appear - පුරප්පාඩු ඇතොත් මෙහි දක්වනු ඇත)
Apply (Edit your profile - තම සුදුසුකම් දක්වන්න)
Send

අන්තර්ජාල පහසුකම් නැති ශිෂ්‍ය ශිෂ්‍යාවනට පුහුණු අංශයෙහි ඇති විශේෂ පරිගණක හරහා මගින් තම ජීව දත්ත ඉදිරිපත් කරන අතරම එහි දෘඩ පිටපත ද (Hard Copy) ඉදිරිපත් කළ හැක. මෙසේ ඉදිරිපත් කරන ඉල්ලුම්කරුවන්ගේ / ඉල්ලුම්කාරියන්ගේ ජීව දත්ත සාමාජිකයන්ගේ දැනගැනීම සඳහා ආයතනයේ වෙබ් අඩවියෙන් යාවත්කාලීන කරනු ඇත. පුරප්පාඩු ඇත්නම් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ඇත.

(ජීව දත්ත මාස තුනක් රඳවා තබා ගනු ඇත)


පුහුණුව ආරම්භ කිරීමෙන් පසු ඔබ අධීක්ෂණ සාමාජික (Supervising Member) සහ පුහුණු සංවිධානය සමග පුහුණු ගිවිසුමකට එළඹිය යුතු අතර එම ගිවිසුම වරලත් ගණකාධිකාරී ආයතන‍යේ ලියාපදිංචි කළ යුතුය. වලංගු ගිවිසුමකින් තොරව ලබන පුහුණුව ආයතනය නියම කරන ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා යටතේ පිළිගැනීමට පාත්‍ර නොවනු ඇත.

විගණනය නොවූ ආයතන විසින් සමාගමේ ලිපි ශීර්ෂය සහිත ලිපියක් මගින් ගිවිසුම් පිටපත් ඉල්ලා සිටිය යුතු අතර ඒ සමගම පුහුණු සැලැස්මද, පුහුණුව ලබාදෙන අංශ ඇතුලත් ආකෘතියද (rotation) ආකෘතිය ද එවිය යුතුය.

පුහුණු වැඩසටහන සහ පරිභ්‍රමන ආකෘතිය බාගන්න.

මූලික අවශ්‍යතා සපුරා ඇති අයදුකරුවන්ට එක් එක් ගිවිසුම් නොපිරවූ පිටපත් තුනක් පුහුණු අංශය විසින් නිකුත් කරනු ඇත. ඉන් පසු වලංගු පුහුණු ගිවිසුමක් හැටියට ලියාපදිංචි කිරීම සඳහා ආයතනය විසින් විශේෂිත කොට දක්වා ඇති ගාස්තුව ගෙවූ බව දක්වන කුවිතාන්සිය සමග සුදුසු පරිදි පුරවන ලද ගිවිසුම් පිටපත පුහුණු අංශයට බාරදිය යුතුය.

  • ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ ලියාපදිංචි අංකය සහ ලියාපදිංචි ලේඛනයෙහි සටහන් පරිදි සම්පූර්ණ නම
  • අපේක්ෂිත අධීක්ෂණ සාමාජිකයාගේ නම, තනතුර සහ සාමාජික අංකය
  • අපේක්ෂිත පුහුණු මට්ටම සහ පුහුණුව ආරම්භ වන දිනය.
  • පුහුණුව ලබාදෙන සංවිධානයේ නම සහ පුහුණුව ලබා දෙන අංශය / අංශ.
  • පුහුණු වන්නා / වන්නියගේ සහ අධීක්ෂණ සාමාජිකයා සම්බන්ධ කර ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු.
  • අදාළ නම්, පුහුණුවෙන් නිදහස් කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. ඉහත සඳහන් තොරතුරුවලට අමතර වශයෙන් විගණනය නොවන අංශයේ සංවිධාන විසින් පහත සඳහන් ලේඛන අධීක්ෂණ සාමාජිකයාගේ අත්සන සමග ඉදිරිපත් කළ යුතුය
  • යෝජිත පුහුණු සැලැස්මේ අකෘතිය
  • ආකෘතිය පුහුණුව ලබාදෙන අංශ පිලිබඳ විස්තර ඇතුලත් අකෘති පත්‍රය
  • පුහුණු වන්නා / වන්නියගේ පුහුණු ස්ථානයේ ලිපිනය සහ අධීක්ෂණ සාමාජික සේවය කරන ස්ථානය සහ එම දෙදෙනාගේ සංවිධානීය සම්බන්ධය දක්වන ලිපියක් ඉදිරිපත් කළ යුතු ය. විගණනය වන අංශය සහ විගණනය නොවන අංශය යන දෙපාර්ශ්වයෙන්ම ගිවිසුම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළ යුත්තේ එම ආයතනවල ලිපි ශීර්ෂය සහිත ලිපි මගිණි.

පුහුණු ආයතනයට සම්බන්ධවන පළමු දිනයේ සිට මාස හතරකට නොවැඩි ආධුනික පුහුණු කාලයක් (Probation) ප්‍රායෝගික පුහුණු කාලයට ඇතුළත් කළ හැක.
ශිෂ්‍යයා උපරිම ශිෂ්‍යාව ගිවිසුමට එළඹීමට පෙර පුහුණුව ආරම්භ කර ඇත්නම්, එකී පුහුණුව ආරම්භ කරන දිනය මාස හතරක කාල සීමාවකට යටත්ව පසුදාතම් කරන ලෙස, අධීක්ෂණ සාමාජික මගින් ඔහුට හෝ ඇයට ඉල්ලීමක් කළ හැක. එක් එක් ගිවිසුම් සඳහා පසුදාතම් කිරීමට කරන ඉල්ලීම පහත සඳහන් දිනයේ සිට මාස 04කට වැඩි නොවිය යුතුය.

  • විගණන අංශය : ලියාපදිංචිය සඳහා නියමිත පරිදි සම්පූර්ණ කරන ලද මුදල් ගෙවන ලද පුහුණු ගිවිසුම මෙම ආයතනයට ලැබෙන දිනයේ සිට මාස 4ක කාලයක්.
  • විගණනය නොවන අංශය : පසුදාතම් කිරීමේ ඉල්ලීම සමග පුහුණු සැලැස්ම (Training Programme) අප ආයතනයට ලැබෙන දිනයේ සිට මාස 4ක කාලයක්.

කෙසේ වුව ද, මෙම දිනය ආයතනයෙහි ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ව.ග.ආ. ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වූ දිනය හෝ පුහුණුව සත්‍ය වශයෙන්ම ආරම්භ වන දිනයෙන් ඔබ්බට දීර්ඝ නොකරනු ඇත.

සහතික පත්‍ර සහ උපායමාර්ගික මට්ටම සඳහා වෙන වෙනම ගිවිසුම් දෙකකට අත්සන් තැබිය හැක. එසේත් නැත්නම් අවුරුදු තුනක් ආවරණය කරන එක ගිවිසුමකට අත්සන් කළ හැක..
මෙය විගණනය නොවන ආයතන වල (Non public practice org) නියුතු පුහුණු වන්නන් / පුහුණු වන්නියන් සමග ව.ග.ආ පුහුණු කළමනාකරු විසින් පසුදාතම් කාලය තීරණය කිරීම සඳහා පවත්වන සම්මුඛ පරීක්ෂණයකි. මෙය සියළුම පුහුණුවන්නන් සඳහා අනිවාර්ය නොවන අතර සම්මුඛ පරීක්ෂණ සඳහා පුහුණු වන්නන් අතරින් පුහුණු කළමණාකරුගේ අභිමනය පරිදි ශිෂ්‍යයන් තෝරාගෙන පරීක්ෂණය පවත්වනු ලබයි.
උපායමාර්ගික මට්ටමේ විභාගයට (S II) පෙනී සිටීම සඳහා ද, පරිචයන සහතිකය පූර්ණකාලීනව වෘත්තියේ නියැලීමේ (Practicing Certificate) ලබා ගැනීම සඳහා ද, ප්‍රායෝගික පුහුණු මාර්ගෝපදේශවල සඳහන් අවම පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය.

එබැවින්, විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය දැනට පවත්නා අවම සුදුසුකම් වෙනස් කිරීමට හෝ අවශ්‍ය අවම අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ගිවිසුම පසුදාතම් කිරීමට ආයතනය එකඟ නොවන බැවින්, ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන විභාග පිළිබඳ තම සැලැස්ම ද, අවම පුහුණු අවශ්‍යතා ද, ප්‍රායෝගික පුහුණුව ආරම්භ කරන අවස්ථාවේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිත්හී තබා ගත යුතුය.

දැනට පුහුණු කාල සීමාව අඩු කිරීමට පහත සඳහන් අයවළුන් සඳහා ඉඩ සලසා තිබේ.

    1. CIMA ආශ්‍රිය සාමාජිකයන්
    2. පශ්චාත් සාමාජිකත්ව (CIMA) පළපුරුද්ද අවසන් කළ යුතු පුහුණුව
      අවුරුදු 03කට අඩු අධීක්ෂණය වන අවුරුදු 02ක පුහුණුව
      අවුරුදු 03 හෝ අවුරුදු 03ට වැඩි අධීක්ෂණය වන අවුරුදු 01ක පුහුණුව
    3. AAT සාමාජිකයෝ / AAT Passed Finalists (ප්‍රශ්න අංක 19 බලන්න)

පහත සඳහන් අවශ්‍යතා සපුරා ඇත්නම්, සාමාජිකයන් සහ Passed Finalists of AAT, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික පත් මට්ටමේ පුහුණු අවශ්‍යතාවන්ගෙන් නිදහස් කරනු ලැබේ.

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාර සාමාජිකයෙකුගේ අධීක්ෂණය ය‍ටතේ, ආයතනය අනුමත කළ පුහුණු ආයතනයක අවුරුදු දෙකක ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කිරීම.
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සහතික මට්ටමේ පුහුණු ලාභියෙක් අත්සන් කරන ගිවිසුමකට සමාන වූ ගිවිසුමක් යටතේ එම පුහුණුව සම්පූර්ණ කළ යුතුය.
  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සහතික පත්‍ර මට්ටමේ පුහුණු වන්නෙකුට විශේෂිත වන ක්‍රියාමාර්ගවලට සමාන ලෙස පුහුණු වාර්තා තබා ගත යුතුය.

පූර්ණකාලීන කථිකාචාර්යවරු : මෙයින් අදහස් වන්නේ පූර්ණකාලීන පදනමක් මත ගිණුම්කරණය සහ ආශ්‍රිත විෂයන් ගැන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අනුමත විශ්වවිද්‍යාලයන්හී, කථිකාචාර්යවරුන් හෝ සහකාර කථිකාචාර්යවරුන් හැටියට සේවය කරන, වි.වි.ප්‍ර.කො.ස. අනුමත විශ්වවිද්‍යාලයකින් පළමුවන පෙළ හෝ දෙවන උසස් පෙළ සාමාර්ථයක් ලද වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය.

පූර්ණ කාලීන කථිකාචාර්යවරු සඳහා පුහුණු කාල සීමාවන් අඩුකර නැත. කෙසේ වුවද, උපරිම වශයෙන් ගිවිසුම් 03ක් ය‍ටතේ අනුමත ඛණ්ඩනයන් සහිතව අවම පුහුණු අවශ්‍යතාව අවුරුදු 05ක් ඇතුළත සම්පූර්ණ කිරීමට ‍ඔවුනට අවසර ඇත. එබඳු කෙටි කාලීන ගිවිසුම් දින 55ට අඩු නොවිය යුතු ය. සති අන්තයේ වැඩි කිරීම්ද අනුමතය.

ඔවුනට පුහුණු අවශ්‍යතා සම්පූර්ණ නොකර උපායමාර්ගික මට්ටමේ (Strategic II) විභාගවලට පෙනී සිටීමට ද අවසර ඇත..

විවිධ මට්ටමේ පුහුණු වැඩසටහන්වලට අදාළ පුහුණු වාර්තා පොත් (Record Books) ආයතනයේ අලෙවි අංශයේ විකිණීමට ඇත. වාර්තා පොත සතිපතා ලිවිය යුතුය. අධීක්ෂණ සාමාජිකගේ අත්සන සහිතව, කාර්තුවේ අවසාන දිනය ඉකුත් වී දින 30ක් ගතවන්නට පෙර, ත්‍රෛයිමාසික කාර්තු සාරංශය පුහුණු වන්නා හෝ පුහුණු වන්නිය විසින් ව.ග.ආ. පුහුණු අංශයට භාර දිය යුතුය.

එම කාලය තුළ ත්‍රෛයිමාසික කාර්තු සාරංශය ඉදිරිපත් කිරීමට අසමත් වුවහොත් අවම වශයෙන් සති දෙකක කාල සීමාවට යටත්ව, ඔහුගේ / ඇයගේ පුහුණු කාලය දීර්ඝ කිරීම සිදුවනු ඇත.

ත්‍රෛයිමාසික සාරාංශය අන්තර් ජාලය මගින් ඉදිරිපත් කිරීම

ආයතනයේ වෙබ් අඩවිය මගින් තම ත්‍රෛයිමාසික සාරාංශය ඉදිරිපත් කිරීමට පුහුණු වන්නන්ට / පුහුණු වන්නියන්ට පුළුවන. මේ සඳහා පුහුණු වන්නන් / පුහුණු වන්නියන් පුහුණු අංශයෙහි ලියාපදිංචි විය යුතු ය. තව දුරටත් තොරතුරු දැන ගැනීම සඳහා පුහුණු අංශයේ ගයාන් මහතා අමතන්න. දුරකථනය 011-2352000 දිගුව 1436.

වැඩ පිළිබඳ අත්දැකීම් සහ වෘත්තීය කුසලතා තම අධ්‍යයන වැඩසටහන සහ ඒකාබද්ධ කිරීමට පුහුණු වන්නන්ට / පුහුණු වන්නියන්ට ආධාර පිණිස මෙම වැඩපිළිවෙළ සැලසුම් කර ඇත. ප්‍රායෝගික සිදුවීම් මාලාවන් මත ගොඩනගන ලද මෙම ප්‍රශ්න ආයතනයේ වෙබ් අඩවියෙහි ඇත. එක කාර්තුවක් තුළ අධීක්ෂණ සාමාජිකගේ සහතිකය සහිතව අඩු ගණනේ ප්‍රශ්න 03කට පිළිතුරු සපයන ලෙස පුහුණු වන්නන් / පුහුණු වන්නියන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
අවම වශයෙන් පැය 07ක් සහ උපරිම වශයෙන් පැය 08ක් වන පූර්ණ කාලීන පදනම මත ප්‍රායෝගික පුහුණුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ලබාගත යුතු ය. පුහුණුව ලබන ආයතනයේ හැර වෙනත් ආයතනයක අර්ධ කාලීන වශයෙන් හෝ පුහුණු වන්නන් / පුහුණු වන්නියන්ට රැකියාවක නියුතු වීමට අවසර නැත.

සංචාරයේ නිරත වීම සහ පරිපාලනමය වැඩවල නිරත වීම පුහුණුව හැටියට සලකන්නේ නැත. සාමාන්‍ය කාර්යාල වේලාවට බාහිරව සති අන්තයේ දී හෝ අර්ධ කාලීන පැවරුම් වශයෙන් වැඩ කරන පැය ගණන වැඩ කරන දිනකට සමාන හැටියට නොසලකනු ඇත.

අධීක්ෂණ සාමාජික සහ ආයතනයේ පූර්ව අනුමැතිය ඇතිව පහත සඳහන් තත්වයන් යට‍තේ ඛණ්ඩනයන්ට ඉඩ දිය හැක.

පුහුණු කාල සීමාව තුළ අවසර නොලද ඛණ්ඩනයන්ට පුහුණු වන්නන්ට / පුහුණු වන්නියන්ට ඉඩ නොදෙනු ඇත. එබඳු ඛණ්ඩනයන් සිදු වුවහොත් අවම වශයෙන් මාස 06ක කාල සීමාවකට යටත්ව එමගින් සම්පූර්ණ කිරීමට ඇති පහත කාලයට අමතරව මාස 6ක පුහුණුව දීර්ග කිරීමක් කරනු ලැබේ.
ශිෂ්‍ය පුහුණු සහ සංවර්ධන කමිටුවේ (STDC) හෝ සභාවේ අනුමැතිය නැතිව පුහුණුව ඛණ්ඩනය කිරීම අවසර ලද ඛණ්ඩනයන් ලෙස සැලකේ.

  • විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පුහුණුව අත්හිටුවීම.
  • දීර්ඝ කාලීන අසනීප.
  • මාතෘ නිවාඩු.

අවම වශයෙන් මාස 06ක පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව පූර්ණ කාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනය පදනම් කර ගෙන, පුහුණු කාලය අත්හිටුවීමට පුහුණු වන්නන්ට / පුහුණු වන්නියන්ට අවසර ඉල්ලා සිටිය හැක. මේ සඳහා තම විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයන් / ශිෂ්‍යාවන් බවට සාක්ෂි සමග අධීක්ෂණ සාමාජිකගේ කැමැත්ත දක්වන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

  • අවම වශයෙන් වැඩ කරන දින 110ක් සම්පූර්ණ කිරීම.
  • පුහුණුව ලබාදෙන සංවිධානය, අධීක්ෂණ සාමාජික සහ ආයතනයෙන් පූර්ව කැමැත්ත ලිඛිතව ලබා ගැනීම.
  • ප්‍රථම උපාධිය සඳහා පූර්ණ කාලීන පාඨමාලාවක් හෝ පශ්චාත් උපාධියක් සඳහා හැදෑරීම සඳහා ලියාපංදිංවි වී තිබීම.

පුහුණුව අත්හිටු වීමට ප්‍රථම ඔබ විසින් අධීක්ෂණ සාමාජිකගේ ඉල්ලීම් ලිපියක් සමග අදාල වෛද්‍ය සහතිකයක් ව.ග.ආ. පුහුණු අංශයට ඉදිරිපත් කළ යුතුය.
ඔබගේ අනුමත කරන ලද අත්හිටවූ කාලය සම්පූර්ණ කළ පසු එම කාරණය ඔ‍බගේ අධීක්ෂණ සාමාජික මගින් ආයතනයට දැන්විය යුතුය.

නැවත පුහුණුව ආරම්භ කරන අවස්ථාවේ දී පුහුණුව අත්හිටුවීමට හේතු ඔප්පු කිරීම‍ට සාක්ෂි ඉදිරිපත් කළ යුතු ය. ඉතිරි පුහුණු කාලය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පුහුණු කාලය තීරණය කරනු ඇත.

ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවකගේ ව.ග.ආ. ශිෂ්‍ය භාවය අවලංගු කරනු ලැබේ නම් ඔහු / ඇයගේ පුහුණු ගිවිසුම ද ඒ අවස්ථාවේදීම අවලංගු වනු ඇත. යම් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට තම පුහුණු ගිවිසුම අවලංගු කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා අධීක්ෂණ සාමාජිකගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර එම අනුමැතිය ව.ග. ආයතනයට ඉදිරිපත් කළ යුතුය.
පුහුණුව ලබාදෙන ආයතනයෙන් අධීක්ෂණ සාමාජික ඉල්ලා අස් වේ නම්, එම කාරණය පුහුණු වන්නා / පුහුණු වන්නිය සහ අධීක්ෂණ සාමාජික විසින් ආයතනයට දැන්විය යුතුය. එසේ වූ විට, පුහුණු වන්නාට / පුහුණු වන්නියට පුහුණු වීමේ ඉතිරි කාලය වෙනත් අධීක්ෂණ සාමාජිකයෙකු ය‍ටතේ එම ආයතනයේම සම්පූර්ණ කිරීමට ඉඩ දෙනු ලැබේ. අදාළ පුහුණු වන්නා / පුහුණු වන්නියගේ ඉතිරි පුහුණු කාලය අධීක්ෂණය කිරීමේ කැමැත්ත නව අධීක්ෂණ සාමාජික විසින් ලිඛිතව දැන්විය යුතු ය. එවිට පුහුණු වන්නාට / පුහුණු වන්නියට පැවති ගිවිසුම යටතේ ම පුහුණුව ලබා ගත හැක.

එම ආයතනයේ තවත් අධීක්ෂණ සාමාජිකයෙකු නොමැති කළ, උපරිම වශයෙන් මාස 08ක කාලයක් ඇතුළත, එම ආයතයේ පුහුණුව නවත්වා වෙනත් අනුමත පුහුණු සංවිධානයක පුහුණුව ආරම්භ කිරීම‍ට පුහුණු වන්නාට / පුහුණු වන්නියට අවසර දෙනු ලැබේ.

පුහුණු වන ආයතනය වෙනස් කරන කල, දැනට පවතින සහ අළුත් ආයතනයේ අධීක්ෂණ සාමාජිකයන් දෙදෙනාගේම පූර්ව අනුමැතිය ලබාගත යුතු ය. මෙසේ අනුමැතිය ලබාගත් බවට ආයතනයේ පුහුණු අංශයට කල් තබා දැනුම් දිය යුතුය.

පුහුණු ආයතනය වෙනස් කරන සෑම අවස්ථාවක දීම පුහුණු වන්නා / පුහුණු වන්නිය නව ගිවිසුමකට අත්සන් තැබිය යුතුය.

ත්‍රෛයිමාසික පුහුණු වාර්තාවල සාරාංශය ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන පුහුණු වන්නන් / පුහුණු වන්නියන්ගේ ගිවිසුම් ගත පුහුණු කාලය, ප්‍රමාද කාලයෙන් අඩකින් දීර්ඝ කරනු ඇත.

තව ද, ඔබ අවම පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කර නැත්නම්, පුහුණු කාලය සම්පූර්ණ කිරීම සඳහා පුහුණුව දීර්ඝ කිරීම අවශ්‍ය වනු ඇත.

නිවාඩු ලබාගත් දින සහ රජයේ අනුමත නිවාඩු දින හැර වර්ෂයකට අවශ්‍ය අවම පුහුණු අවශ්‍යතාව දින 220කි. පහත සඳහන් වගුවෙහි විශේෂිත කොට ඇති පරිදි පළපුරුද්ද දක්වන කොටසට අදාළ අවම දින ගණන් එම දින 220 තුළ ආවරණය විය යුතුය.

පළපුරුද්ද වර්ග කිරීම විගණන අංශය විගණනය නොවන අංශය
සහතික පත්‍ර මට්ටම උපාය
මාර්ගික මට්ටම I
උපාය
මාර්ගික මට්ටම II
සහතික පත්‍ර මට්ටම උපාය
මාර්ගික මට්ටම  I
උපාය
මාර්ගික මට්ටම II
මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය 40 50 50 100 90 90
විගණනය 80 75** 75** - 20* 20*
බදු අයකිරීම 10 15 15 10 15 15
මූල්‍ය කළමනාකරණය - 20 20 20
තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම 20 25 25 20 25 25
ලේකම් කටයුතු - 5 5 -
  • අභ්‍යන්තර විගණන අංශයක් නැති කල, මූල්‍ය කළමනාකරණ අංශයෙහි පළපුරුද්ද වසරකට දින 40 දක්වා වැඩි කළ යුතු ය.
  • ප්‍රායෝගික පුහුණු මාර්ගෝපදේශයන්හී, පරිචයන සහතිකය පිළිබඳ කොටස තුළ, එම සහතිකය සඳහා සුදුසුකම් ලැබීමට අදාළ අවශ්‍යතා විශේෂිත කොට දක්වා ඇත.
  • සිද්ධි අධ්‍යයනය දක්වා ආයතනයේ සියළු විභාග සාර්ථක ලෙස අවසන් කිරීම (Top CA).
  • සහතික පත්‍ර සහ උපායමාර්ගික මට්ටමේ සියළු පුහුණු අවශ්‍යතා සාර්ථක ලෙස නිම කිරීම.
  • අනිවාර්ය සංනිවේදන කුසලතා වැඩසටහන් (ව්‍යාපාරික ඉංග්‍රීසි III - II වන කොටස සහ III).
  • පුහුණුව පිළිබඳ සම්මුඛ පරීක්ෂණය සාර්ථක ලෙස නිම කිරීම (වාචික සම්මුඛ පරීක්ෂණ ඉදිරිපත් කිරීම).

අවම පුහුණු අවශ්‍යතා සම්පූර්ණ නොකළ පුහුණු වන්නන් / පුහුණු වන්නියන් හට CAB / Intermediate සහතිකය හෝ ආශ්‍රය සාමාජිකත්වය ඉල්ලුම් කළ නොහැක.
ඉතිරි පුහුණු අවශ්‍යතා ආවරණය කිරීමට, දැනට පුහුණුව ලබන ආයතනය හෝ වෙනත් ආයතනයක් සමග පුහුණු ගිවිසුම දීර්ඝ කිරීමට, තම අධීක්ෂණ සාමාජිකයා මගින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පුහුණු වන්නා / පුහුණු වන්නියට පුළුවන.
ඔව්. ශිෂ්‍ය ශිෂ්‍යවන් විසින් සමත් වී ඇති වරලත් ගණකාධිකාරී විභාග මට්ටම සහ‍ පුහුණු කාලය අනුව වෙනස් වන දීමනාවක් ලබා ගැනීමට අනුමත පුහුණු ආයතනවල පුහුණුව ලබන ව.ග.ආයතනයේ ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවනට අයිතියක් ඇත.
සහතික මට්ටමේ පුහුණුව ද, සහතික මට්ටමේ විභාගය ද සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ සහතිකයට ඉල්ලුම් කළ හැක.
ඩිප්ලෝමා ම‍ට්ටමේ (උපාය මාර්ගික මට්ටම I) පුහුණුව සහ ඩිප්ලෝමා මට්ටමේ (උපාය මාර්ගික මට්ටම I) විභාගය සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව සඳහා ඉල්ලුම් කළ හැක.
උපායමාර්ගික II මට්ටමේ විභාගය ද, උපායමාර්ගික මට්ටමේ පුහුණුව ද, අනිවාර්ය සංනිවේදන කුසලතා වැඩසටහන (ව්‍යාපාරික ඉංග්‍රීසි II කොටස සහ III කොටස) ද, අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සාමාජික සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට ඉල්ලුම් කළ හැක.
පුහුණු වාර්තා වල සත්‍ය බව ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් සංනිවේදනය කිරීම, ඉදිරිපත් කිරීමේ කුසලතා සහ තෝරාගත් මාතෘකාව පිළිබඳ තාක්ෂණික දැනුම යන කරුණු ශිෂ්‍යයන්ගේ ඉදිරිපත් කිරීමක් මගින් ඇස්තමේන්තු කිරීම සම්මුඛ පරීක්ෂණයේ අරමුණ යි. සාර්ථක ප්‍රතිඵල ලබන ශිෂ්‍ය හෝ ශිෂ්‍යාව ආශ්‍රිත වරලත් ගණකාධිකාරී (ACA) සාමාජිකත්වය සඳහා නිර්දේශ කරනු ඇත.
ආශ්‍රිත වරලත් ගණකාධිකාරී සාමාජිකත්වය සඳහා පහත සඳහන් සුදුසුකම් ලබාගත යුතුය.
වෘත්තියේ නියැලීම සඳහා වන සහතිකය (Certificate to Practice)  ලබා ගැනීමට, සාමාජිකයෙකු / සාමාජිකාවක විසින් ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාවට සුදුසුකම් ලැබීමෙන් පසු, (විගණන අංශයේ) අනුමත පුහුණු ආයතනයක උපායමාර්ගික මට්ටමෙහි වැඩකරන දින 440ක ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කළ යුතුය.

උපායමාර්ගික මට්ටමේ පුහුණු කාලයේ දී ඉහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නොහැකි වූ පුහුණුවන්නන් හෝ පුහුණුවන්නියන් ද, සාමාජිකයන් හෝ සාමාජිකාවන් ද, අනාගතයේ දී වෘත්තියේ නියැලීම සඳහා සහතිකයක් ඉල්ලා සිටීම සඳහා සුදුසුකම් ලැබීමට අදහස් කරන්නේ නම්, තම ගිවිසුම්ගත කාලය දීර්ඝ කිරීමක් හෝ නව ගිවිසුමකට එළඹීමෙන් පුහුණුව සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.

පොදු අංකය 011-2352000

දිගු අංක

1420 අධ්‍යාපන සහ පුහුණු අංශයේ ප්‍රධානී - නිලූෂි දිසානායක මිය
1422 පුහුණු කළමනාකාරිනී - නිමන්ති ගමගේ මිය
1429 පුහුණු විධායක නිලධාරී - ෂර්ලි සිල්වා මයා
1434 පුහුණු විධායක නිලධාරීනී - කලනි ආරියරත්න මිය
1436 පුහුණු විධායක නිලධාරීනී - ගයාන් විල්ආරච්චි මහතා

 




Frequently Asked Questions