English (United Kingdom)Tamil (Sri Lanka)

CA Sri Lanka

    Font size
  • Increase font size
  • Decrease font size

විභාග

අපගේ විභාගවලට ලොව පුරා පිළිගැනීමක් ලැබී ඇත. වෙළෙඳ පොළෙහි වර්ධනය වන ඉල්ලුම සහ පිරිනමන සුදුසුකම් ගෝලීය ප්‍රමිතිවලට අනුරූපව පවත්වා ගැනීම සඳහා වසර 05කට වරක් වරලත් ගණකාධිකාරී ආයතනය විෂය මාලාව සංශෝධනය කරයි.

නිතර අසන ප්‍රශ්න


ආයතනයේ පාඨමාලා ව්‍යුහය පහත සඳහන් පරිදි සකස් වී ඇත.

  • ගිණුම්කරණය සහ ව්‍යාපාර සහතිකය – 1 (CAB - I)
  • ගිණුම්කරණය සහ ව්‍යාපාර සහතිකය – II (CAB - II)
  • වරලත් ගණකාධිකාරී - වෘත්තීය (උපායමාර්ගික මට්ටම - 1) ගිණුම්කරණය සහ ව්‍යාපාර ඩි‍ප්ලෝමාව
  • වරලත් ගණකාධිකරණය - වෘත්තීය (උපායමාර්ගික මට්ටම - II)
  • වරලත් ගණකාධිකාරී - වෘත්තීය (පශ්චාත් උපායමාර්ගික) මට්ටම

ගිණුම්කරණය සහ ව්‍යාපාර සහතිකය - 1 (CAB - I)

  • 01104 මූල්‍ය ගිණුම්කරණය
  • 02104 ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය
  • 03104 කළමනාකරණය සහ ව්‍යාපාර ආර්ථික විද්‍යාව
  • 04100 ව්‍යාපාර ඉංග්‍රීසි 1

ගිණුම්කරණය සහ ව්‍යාපාර සහතිකය II (CAB-II)

  • 05204 කළමනාකරණ ගණකාධිකරණ මූලධර්ම සහ ව්‍යාපාර මූල්‍ය
  • 06204 විගණනය සහ සහතික වීම
  • 07204 තොරතුරු කළමනාකරණය
  • 08204 ගිණුම්කරණ භාවිතය සහ බදුකරණය
  • 09200 ව්‍යාපාර ඉංග්‍රීසි - II

වරලත් ගණකාධිකරණ - වෘත්තීය (උපායමාර්ගික මට්ටම - 1) – ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව

  • 12306 මූල්‍ය වාර්තාකරණ ආකෘතිමය රාමුව
  • 13304 උපායමාර්ගික කළමනාකරණ ගණකාධිකරණය
  • 14304 උපායමාර්ගික කළමනාකරණ ක්‍රියාවලිය
  • 15304 උසස් බදුකරණය සහ උපායමාර්ගික බදු සැලසුම්කරණය
  • 16304 වාණිජ නීතිය සහ සංස්ථාපිත නීතිය

වරලත් ගණකාධිකරණ - වෘත්තීය (උපායමාර්ගික මට්ටම II)

  • 20404 උසස් මූල්‍ය වාර්තාකරණය
  • 21404 උපායමාර්ගික මූල්‍ය කළමනාකරණය
  • 22404 ව්‍යාපාර උපායමාර්ග හා දැනුම් කළමනාකරණය
  • 23404 උසස් විගණනය සහ සහතික වීම

වරලත් ගණකාධිකරණය - වෘත්තීය (පශ්චාත් උපායමාර්ගික) මට්ටම

  • Top CA සිද්ධි අධ්‍යයනය

විභාගය සුදුසුකම් උපමානයන්
CAB I (සහතික කළ ගිණුම්කරණය සහ ව්‍යාපාර I)
  • ලියාපදිංචි වීම
  • අධ්‍යයන කට්ටලය ලබාගෙන තිබීම
CAB II (සහතික කළ ගිණුම්කරණය සහ ව්‍යාපාර II)
  • සම්පූර්ණ කිරීම / නිදහස් වීම
  • තොරතුරු තාක්ෂණ I මොඩියුලය සම්පූර්ණ කිරීම (පාඨමාලා කේතය 10200)
  • අධ්‍යයන කට්ටලය ලබාගෙන තිබීම
DAB (ගිණුම්කරණය සහ ව්‍යාපාර ඩිප්ලෝමාව - II / උපායමාර්ගික මට්ටම - I
  • CAB II සහ ව්‍යාපාර ඉංග්‍රීසි II සම්පූර්ණ කිරීම / නිදහස් වීම
  • තොරතුරු තාක්ෂණ II මොඩියුලිය සම්පූර්ණ කිරීම (පාඨමාලා කේතය 18300)
  • අධ්‍යයන කට්ටලය ලබාගෙන තිබීම සහ විද්‍යුත් ස්වඅධ්‍යයන පාඨමාලා සාර්ථක ලෙස නිම කිරීම.
උපායමාර්ගික මට්ටම - II
  • DAB විභාගය සම්පූර්ණ කිරීම
  • විද්‍යුත් ස්වඅධ්‍යයන පාඨමාලා සහ පිළිතුරු සැපයීම
  • අධ්‍යයන කට්ටලය ලබාගෙන තිබීම
  • විභාගය ආරම්භ කරන දිනට හෝ ඊට පෙර උපායමාර්ගික මට්ටම් පුහුණු වේ (සීමාවාසික 11) දින 220ක් සම්පූර්ණ කිරීම. ගිණුම්කරණය සහ ව්‍යාපාර පිළිබඳ සහතිකයට හිමිනම තිබීම (CAB)
  • විභාගයට අයදුම්පත්‍ර බාරගැනීමේ අවසාන දිනය හෝ ඊට පෙර CAB සහතිකය ලබාගනෙ තිබීම හෝ එයට අයදුම්කර තිබීම.
  • තොරතුරු තාක්ෂණ III මොඩියුලය සම්පූර්ණ කිරීම (පාඨමාලා කේතය 24400)
පශ්චාත් උපායමාර්ගික (Top වරලත් ගණකාධිකරණ සිද්ධි අධ්‍යයනය)
  • උපායමාර්ගික මට්ටම I හා II වන විභාගය සම්පූර්ණ කර තිබීම.

සුදුසුකම් පිළිබඳ අවශ්‍යතා සපුරා ඇත්නම් ප්‍රවර්තන වර්ෂය සඳහා වාර්ෂික දායක මුදල් ගෙවා ඇති ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විභාගයට පෙනී සිටිය හැක.

කලින් කලට විශේෂිත කොට දක්වන කාල සීමා තුළ ආයතනයෙන් හෝ පළාත් මධ්‍යස්ථානවලින් ලබාගත් විභාග ඉල්ලුම්පත් මගින් ඉල්ලුම්පත් එවිය හැක.

පෞද්ගලිකව පැමිණ හෝ මුද්දර ඇලවූ තම ලිපිනය ලියන ලද සෙ.මී. 23 x සෙ.මී. 10 ලියුම් කවරයක් සමග ලිඛිත ඉල්ලීමක් පහත සඳහන් ලිපිනයට එවීමෙන් විභාග ඉල්ලුම්පත් ලබාගත හැක.

විභාග කළමනාකරු,
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය,
30A, මලලසේකර මාවත, කොළඹ 07.

එසේ කළ හැකිය. පහත සඳහන් වර්ග දෙකට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවනට පුහුණු අවශ්‍යතා සපුරාලන්නේ නැතිව උපාය මාර්ගික මට්ටමේ විභාගවලට පෙනී සිටිය හැක.

  • CIMA සාමාජිකයෝ
  • ගිණුම්කරණය හා / හෝ මූල්‍ය විෂයන් ගැන ශ්‍රී ලංකාවේ අනුමත විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීනව දේශන පවත්වන කථිකාචාර්යවරු

සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය ද, ඉල්ලුම් පත්‍රය ලැබුණ බව දැන්වීම සඳහා තම ලිපිනය ලියන ලද මුද්දර සහිත තැපැල් පතක් ද, බැංකුවට මුදල් ගෙවූ කුවිතාන්සිය ද, තම ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ සෙ.මී. 23 x සෙ.මී. 10 ලියුම් කවර දෙකක් ද, කලින් කලට දැනුම් දෙන පරිදි ඉල්ලුම් පත්‍ර එවිය යුතු අවසාන දිනට පෙර, විභාග කළමනාකරු වෙත ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

ඉල්ලුම්පත්‍ර එවිය යුතු අවසාන දිනට පසු දින 10ක් යන තුරු ලැබෙන ඉල්ලුම් පත්‍ර සඳහා ප්‍රමාද ඉල්ලුම් පත්‍ර ගාස්තුවක් අය කරනු ඇත. ඉන් පසු ලැබෙන ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ඇත. ඉල්ලුම්කරුවනට, ඉල්ලුම් පත්‍ර ලැබුණ බව දන්වන තැපැල් පතක් එවා ඇත.

  • සහතික පත්‍ර මට්ටම් 1 සහ සහතික මට්ටම් II විභාග සෑම වර්ෂයකම මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී පවත්වනු ලැබේ.
  • උපාය මාර්ගික 1 සහ උපාය මාර්ගික 2 විභාග සෑම වර්ෂයකම ජුනි සහ දෙසැම්බර් මාසවලදී පවත්වනු ලැබේ.
  • සිද්ධි අධ්‍යයනය වසරකට දෙවරක් පවත්වනු ලැබේ.

  1. Certificate Level 1 and 2 Examinations to be held towards the end of the 2nd and 3rd week of March.
  2. Strategic Level 1 and 2 Examinations to be held in the 4th week of June
  3. Certificate Level 1 and 2 Examinations to be held towards the end of the 1st and 2nd week of September.
  4. Strategic Level 1 and 2 Examinations to be held in the 3rd week of December
  • මෙම ප්‍රධාන විභාගවලට අමතරව, ව්‍යාපාර ඉංග්‍රීසි I සහ II සඳහා විශේෂ විභාග 02ක් සහ බහු ශික්ෂණ සිද්ධි අධ්‍යයනය සඳහා විභාග 02ක්ද පවත්වනු ලැබේ.
  • සාමාන්‍යයෙන් විභාගයකට මාස 02කට පෙර ප්‍රධාන විභාග හතර සඳහා අයදුම්පත් භාර ගැනීම අවසන් කරනු ලැබේ.
  • කිසියම් විභාගයකට පෙනී සිටීමට සූදානම් වන සිසුන් අඩු වශයෙන් විභාගයට මාස 03 කට වත් පෙර ඒ පිළිබඳව ආයතනයෙන් විමසීම් කළ යුතුය.

සහතික පත්‍ර මට්ටම් 1 සහ 2

  • විභාග අපේක්ෂකයින්ට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් පිළිතුරු සැපයීමට ඉඩ ඇත. එක් විෂයකට පිළිතුරු සැපයිය යුත්තේ එක් මාධ්‍යයකින් පමණි.

උපාය මාර්ගික අදියර 1 සහ 2

  • අපේක්ෂකයින් පිළිතුරු සැපයිය යුත්තේ ඉංග්‍රීසි බසින් පමණි.

පිළිතුරු පත්‍ර

  • විභාගවලට පිළිතුරු සැපයීම සඳහා විභාග අපේක්ෂකයන්ට එක් එක් පාටවලින් මුද්‍රිත පිළිතුරු ලිවීමේ පොත් සහ අතිරේක පොත් සපයනු ලැබේ.

ඔව්. නව විෂය නිර්දේශයට‍ අනුව, සහතික පත්‍ර II විභාගයේ සිට විෂයයන් 01කට ඉල්ලුම් කොට සමත්වීමට ඉල්ලුම්කරුවනට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේ වෙතත් සහතික පත්‍ර 1 විභාගයේ දී තමන්ට නියමිත සියලු විෂයයන් එකවර ඉල්ලුම් කිරීම අනිවාර්ය වේ. එහිදී සම්පූර්ණ විභාගය සමත් නොවන අයදුම්කරුවෙකු විෂයයන් 1ක් හෝ කිහිපයක් සමත් වී ඇත්නම් එම විෂයයන් සඳහා නැවත පෙනී සිටීම අවශ්‍ය නොවේ. එම සමත් විෂයන් හැර ඉතිරි සියළුම විෂයන් එකවර ඉල්ලුම් කල යුතුය.

මෙම ක්‍රියා පිළිවෙළ අනුව විභාග සඳහා පෙනී සිටිය හැකි ප්‍රයත්න ගණන සීමා කොට නැත.

ආයතනය කවර ‍හේතුවක් නිසාවත් විභාග ගාස්තු ආපසු ගෙවීම හෝ විභාග ගාස්තු මාරු කිරීමට ඉඩ නොදෙයි. යම් අයදුම් කරුවෙකු විභාග අයදුම්පත් භාරගන්නා අවසාන දිනට පෙර විභාග පත ඉල්ලා අස්කර ගන්නෙමි. (ඔහු සාදාරන හේතුවක් මත) ඔහුගේ හෝ ඇයගේ විභාග ගාස්තු ආසන්නම පලමු විභාගය සඳහා පමණක් ඉදිරියට ගෙන යාමට අවසර දෙනු ලැබේ. නමුත් එම විභාග ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ ආපසු නොගෙවනු ඇත.

සහතික පත්‍ර 1 විභාගය කොළඹ පිහිටි මධ්‍යස්ථානවලට අමතරව මහනුවර, ගාල්ල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල, යාපනය සහ කල්මුණේ යන නගරවලදී ද පවත්වනු ලැබේ.

සහතික පත්‍ර II විභාගය මහනුවර, ගාල්ල, අනුරාධපුරය, කුරුණෑගල සහ යාපනය මධ්‍යස්ථානවලදී පවත්වනු ලැබේ. උපාය මාර්ගික විභාගය කොළඹදී පමණක් පවත්වනු ලැබේ.

අපේක්ෂකයෙකු ඔහුගේ / ඇයගේ විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් විභාග මධ්‍යස්ථානයේ පිහිටි එහි සඳහන් අංකය දරන ශාලාවේ දී විභාගයට පෙනී සිටිය යුතුය.

ආයතනය විභාග ප්‍රතිඵල පහත ආකාරයට ප්‍රකාශයට පත්කරයි.

  • සවිස්තර ප්‍රතිඵල ආයතනයේ වෙබ් අඩවියේ පල කිරීම.
  • සෑම අපේක්ෂකයෙකුටම ඔහුගේ / ඇයගේ විස්තරාත්මක ප්‍රතිඵල සඳහන් ලිපියක් යැවීම.

ඔව්. ඉහළම ලකුණු ලබන පළමු වරට පෙනී සිට සමත්වන අපේක්ෂකයින්ට ආයතනය විසින් කුසලතා ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනමනු ලැබේ.


ගාස්තුව
CAB I- 3 හෝ විෂයයන් 4 ක් 3,500.00/-
CAB I-1 හෝ විෂයයන් 2 ක් 1,300.00/- එක විෂයකට
CAB II 1,600.00/- එක විෂයකට
උපාය මාර්ගික මට්ටම I 2,500.00/- එක විෂයකට
උපාය මාර්ගික මට්ටම II 3,750.00/- එක විෂයකට


ඔව්. ඉල්ලුම් පත්‍ර භාරගන්නා අවසාන දිනයේ සිට දින 10ක් දක්වා ප්‍රමාද වන ඉල්ලුම් පත්‍ර සඳහා අමතර 50%ක් අය කරනු ලැබේ. ඉන් පසු ප්‍රමාද වන ඉල්ලුම් පත්‍ර භාර ගන්නේ නැත.

විභාග අංශය,

දුරකථන අංක: 011 - 2352000 දිගු අංක : 223, 224
ඊ මේල්: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 


Frequently Asked Questions