English (United Kingdom)Tamil (Sri Lanka)

CA Sri Lanka

    Font size
  • Increase font size
  • Decrease font size

ශිෂ්‍ය / ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීම

සියළු අනාගත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පහසුව පිණිස අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පියවර ගෙන ඇත. ඉතා සරල පියවර කීපයකින් පසුව ඔබට ලොව පුරා ඕනෑකමින් සොයන වෘත්තිකයෙක් බවට පත්වීමේ මාර්ගයට පිවිසිය හැක.

නිතර අසන්නට ලැබෙන ප්‍රශ්න

ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් හැටියට ලියාපදිංචි වීමට පහත සඳහන් සුදුසුකම් අතුරෙන් එක් සුදුසුකමක් තිබිය යුතුය.

  1. විෂ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද, ශ්‍රී ලංකාවේ ‍හෝ වෙනත් රටක පිහිටි විශ්ව විද්‍යාලයකින් පිරිනමන ලද උපාධියක්
  2. ඕනෑම විෂයධාරාවකින් එකම වතාවේ අ.පො.ස. උසස් පෙල විභාගයෙන් විෂයන් තුනකින් සාමාන්‍ය සාමාර්ථ ලබා තිබීම.
  3. ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලයේ ගණකාධිකරණ උසස් ජාතික ඩිප්ලෝමා / ගණකාධිකරණය පිළිබඳ ඩිප්ලෝමාව හෝ උසස් ජාතික වාණිජ ඩිප්ලෝමාව / වාණිජ ඩිප්ලෝමා පිළිබඳ පාඨමාලාවන්හී දෙවන වසර විභාගය සමත්වීම.
  4. කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA - UK) 1 කොටස හෝ පදනම් අදියර හෝ සහතික පත්‍ර අදියර සමත් වීම.
  5. වරලත් සහතික කළ ගණකාධිකාරී සංගමයේ (ACCA - UK) 1 කොටස හෝ පදනම් අදියර හෝ 1 මට්ටම සමත්වීම.
  6. ශ්‍රී ලංකා රජයේ ගණකාධිකාරී සේවයේ සාමාජිකත්වය.
  7. ශ්‍රී ලංකා රජයේ විගණන සේවයේ සාමාජිකත්වය.
  8. වරලත් ලේකම්වරුන්ගේ සහ පරිපාලකයින්ගේ ආයනතයේ අවසනා විභාගය (ICSA - UK).
  9. මූල්‍ය ගණකාධිකාරී ආයතනයේ අවසාන විභාගය (IFA - UK).
  10. ජාත්‍යන්තර ගණකාධිකාරී සංගමයේ අවසාන විභාගය (AIA - UK).
  11. ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමයේ අවසාන විභාගය (AAT - SL).
  12. එක්සත් රාජධානියේ ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමයේ අවසාන විභාගය (AAT - UK).
  13. ශ්‍රී ලංකාවේ හෝ එක්සත් රාජධානියේ බැංකු කරුවන්ගේ ආයත‍නයේ අවසාන විභාගය.
  14. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වීම.
  15. වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකත්වය.
  16. ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ අවසාන විභාගය (CIMA).
  17. පාලක සභාව විසින් අනුමත කරනු ලබන වෙනත් සුදුසුකමක්

ආයතන‍යේ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක් ලෙස ලියාපදිංචි වීමට සුදුසුකම් ඇතැයි සිතන ඉල්ලුම්කරුවන් පහත සඳහන් ලියවිලි ලියාපදිංචි අංශයට බාරදිය යුතුය.

  • නිසි ලෙස සම්පූර්ණ කළ ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත.
  • ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රය, ශිෂ්‍ය අත්පොතට ඇතුළත් කර ඇත. අවශ්‍ය තොරතුරු ඇතුළත් මෙම ප්‍රකාශය ආයතනයේ විකුණුම් කමිටුවෙන් හෝ ශාඛා කාර්යාලවලින් රු. 200/- ක් ගෙවා ලබාගත හැක.

    ශිෂ්‍ය අත්පොත තැපෑලෙන් ලබා ගැනීමට කැමති අය, ටොරිංටන් චතුරශ්‍රයේ තැපැල් කාර්යාලයෙන් මාරු කළ හැකි පරිදි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය නමින් ලබාගත් රු. 200/-ක මුදල් ඇනවුමක් තම නම සහ ලිපිනය සඳහන් කළ සටහනක් සමඟ පහත සඳහන් ලිපිනයට එවිය යුතුය.
    කළමනාකාරිණී ශිෂ්‍ය කටයුතු
    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය,
    30A, මලලසේකර මාවත,
    කොළඹ 07.


  • උප්පැන්න සහතිකයේ සහතික කළ ජායා පිටපතක්.
  • අධ්‍යාපන සහතික පත්වල සහතික කළ ඡායාපිටපත්.
  • නියමිත ගාස්තුව ගෙවූ බව සහතික කරන මුදල් තැන්පත් කුවිතාන්සිය (ආයතනයේ පිටපත)
  • මෑතදී ලබාගත් ගමන් බලපත්‍ර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක්.
    ඉල්ලුම්කරු / ඉල්ලුම්කාරිණියට ලියාපදිංචිය සඳහා සුදුසුකම් තිබේ නම් ආයතනය විසින් ඔහු / ඇය, ශිෂ්‍යයෙකු / ශිෂ්‍යාවක හැටියට ලියාපදිංචි කොට ඔහුට / ඇයට ආයතනයේ ලියාපදිංචි අංකය සඳහන් ලිපියක් නිකුත් කරනු ඇත. 
    ලියාපදිංවි වීම සඳහා ඉල්ලුම්පත් වර්ෂයේ කවර දිනක වුවද ඉදිරිපත්කළ හැකිය.



ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය අදාළ සියළු තොරතුරු ශිෂ්‍ය අත්පොතෙහි ඇතුළත් ය. එම අත්පොත ආයතනයේ විකුණුම් කවුළුවෙන් සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ශාඛා කාර්යාලවලින් රු. 200/- ක් ගෙවා ලබාගත හැක.

විශේෂයෙන් ම විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය ප්‍රායෝගික පුහුණු සුදුසුකම් ද, විෂයමාලාව ද, විභාග අන්තර්ගතය සහ අවශ්‍යතා ද, සම්බන්ධයෙන් කලින් කලට සිදුකරන එකතු කිරීම් සහ සංශෝධන ගැන යාවත්කාලීන තොරතුරු දැනගැනීමට, ලියාපදිංචි වීමේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍ය අත්පොත මිලට ගෙන කියවනවා ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.


අවුරුද්දේ කවර වකවානුවක දී වුව ද ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවනට පුළුවන.

2013 වර්ෂය සඳහා ශිෂ්‍ය ගාස්තු
ශිෂ්‍ය ලියාපදිංචිය සඳහා ගෙවිය යුතු ගාස්තු

CAB 1 CAB 2 උපායමාර්ගික
1-වන මට්ටම
ලියාපදිංචි කිරීමේ ගාස්තුව 1,550.00 1,550.00 1,550.00
වාර්ෂික ගාස්තුව (වත්මන් වසර සඳහා) 1,400.00 1,400.00 1,400.00
ස්වයං අධ්‍යයන පාඨමාලාව 3,800.00 4,750.00 7,500.00
මුළු ගණන 6,750.00 7,700.00 10,450.00
උපායමාර්ගික මට්ටම II ස්වයං අධ්‍යයන පාඨමාලාව 9,000.00

සටහන :
ප්‍රථම වරට ලියාපදිංචි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලියාපදිංචි ගාස්තුව, ලියාපදිංචිය අළුත් කිරීමේ ගාස්තුව සහ ස්වයං අධ්‍යයන පාඨමාලා ගාස්තුව සඳහා ගෙවීම් කළ යුතු ය. ඉහත සඳහන් ගෙවීම් සම්බන්ධයෙන් මුළු මුදල සඳහා එක මුදල් තැන්පතු කුවිතාන්සියක් පමණක් යොදා ගත යුතුය.

ඉල්ලුම් පතෙහි ඉහළ කෙළවරෙහි තැන්පතු කුවිතාන්සියෙහි දැක්වෙන ඉල්ලුම් පත් (#) අංකය ද, ගෙවීම් කේතය (RE 01) ද, දැක්වීම අනිවාර්ය වේ.

ඇතැම් විෂයන් සම්බන්ධ (නිදහස් කිරීම්) සඳහා සුදුසුකම් ඇත්නම් ලියාපදිංචි ගාස්තුව ගැන ලියාපදිංචි අංශයෙන් විමසිය යුතුය. (නිදහස් කිරීම් සඳහා ගෙවීම් කරන විට වෙනම තැන්පතු කුවිතාන්සියක් භාවිතා කළ යුතුය.)

ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ගිණුමට (A/C # - ICASL - Panel) ලියාපදිංචි ගාස්තු බැර කළ යුතුය.

ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත් ලියාපදිංචි අංශයට හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරී ආයතනයේ ‍තොරතුරු මධ්‍යස්ථානවලට පැමිණ බාරදිය හැක. තැපෑලෙන් යවන ඉල්ලුම්පත්, ලියුම්කවරයේ ඉහළ වම් කෙළවරේ "SRA" යනුවෙන් සඳහන් කොට, ලියාපදිංචි තැපෑලෙන් එවීමට. පහත සඳහන් ලිපිනයට එවිය යුතුය.

කළමනාකාරිනී,
ශිෂ්‍ය සේවා,
ලියාපදිංචි අංශය,
ශ්‍රී ලංකාවරලත්ගණකාධිකාරී ආයතනය.
30A, මලලසේකට මාවත,
කොළඹ 07.


අවුරුදු තුනයි.


අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවනට වැඩි සේවයක් සැලසීම පිණිස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් මාතර, අනුරාධපුරය, යාපනය, නුවර, කුරුණෑගල, රත්නපුර සහ කල්මුනේ යන නගරවල තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

මෙම මධ්‍යස්ථාන වලින් පහත සේවාවන් ඉටු කරනු ලැබේ.

  1. වරලත් ගණකාධීකාරී සේවය තුළ පවතින වෘත්තීය බලාපොරොත්තු ගැන අනාගත ශිෂ්‍ය ශිෂ්‍යාවනට මඟපෙන්වීම.
  2. ලියාපදිංචිය, සුදුසුකම්, නිදහස් කිරීම්, පුහුණුව සහ ආශ්‍රිත වෙනත් කරුණු ගැන සියළු තොරතුරු ලබා දීම.
  3. ශිෂ්‍ය අත්පොත සහ වෙනත් ආයතනික ප්‍රකාශන බෙදාහැරීම.
  4. ආයතනයේ සියළු විභාග සඳහා විභාග ඉල්ලුම්පත් බෙදාහැරීම සහ විභාග පිළිබඳ ‍තොරතුරු ලබා දීම.
  5. ආයතනයේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම පිළිබඳව තොරතුරු ලබා දීම.
  6. ලියාපදිංචි ඉල්ලුම්පත් නිදහස් කිරීම් සඳහා ඉල්ලුම්පත් විභාග ඉල්ලුම් පත් බාර ගැනීම.


සියළු විමසීම් සඳහා අමතන්න.

ලියාපදිංචි අංශය / ශිෂ්‍ය සේවා අංශය
දුරකථන
- 011 2352000
දිගුව
. 1100,1101,1102,1103,1104,1105,1106,1108,1109,1110 සහ 1112.