Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

මහත් අපේක්ෂිත 40 වෙනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ජාතික සමුළුව දැවැන්ත සහභාගිත්වයක් මැද උත්සවාකාරයෙන් විවෘත වේ

  • විශේෂ මුල් දින සැමරුම් මුද්දර කවරයක් නිකුත් වේ.
  • සමුළුව සඳහා 2000 කට අධික සහභාගිත්වයක්.

මෙරට ව්‍යාපාරික සමුළු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 40 වෙනිth ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ජාතික සමුළුව ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් මූල්‍ය විශේෂඥයන්, ආයතනික සහ ව්‍යාපාරික ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පරිකල්පකයන් සහ ව්‍යවසායකයන් මධ්‍යයේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හීදි 2019 ඔක්තෝබර් 14 වන දින දැවැන්ත සහභාගිත්වයක් සහිතව උත්සවාකාරයෙන් ආරම්භ විය.

දින 3ක් පුරා පැවති මෙම වැඩසටහන උත්සවාකාරයෙන් ආරම්භ වූයේ එංගලන්තය සහ වේල්සයේ වරලත් ගණකාධිකාරී ආයතනයේ (ICAEW) සභාපති ෆියෝනා විල්කින්සන් මහත්මියගේ අනුග්‍රාහක සහභාගිත් වයෙනි. ලංකා වා‚ජ මණ්ඩලයේ සභාපති මෙන්ම ඇක්සියාටා සමූහයේ දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී සහ ආයතනික විධායක උප සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා 'ඔබ තුළ පවතින ආකර්ෂණී පෞරුෂය හඳුනාගන්න : ස්වයං ගවේශණය සඳහා වන ගමන' (Finding your Mojo: A Journey of Self Discovery) යන මැයෙන් සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලදි.

Mr. Jagath Perera presenting a token to Ms. Fiona Wilkinson. CA Sri Lanka Vice President Mr. Manil Jayesinghe, Chairman of National Conference Committee Mr. Dulitha Perera, Chairman of the National Conference Technical Committee Mr. Moiz Rehmanjee, CEO Ms. Dulani Fernando and Secretary Mr. Prasanna Liyanage are also in the picture.

සමාරම්භක උත්සවයේදී ශ්‍රී්‍ ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් මෙම වසරට යෙදී තිබෙන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ දියමන්ති ජුබිලිය සහ ජාතික සමුළුවේ 40 වෙනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් විශේෂ මුල් දින මුද්දර සැමරුම් කවරයක්ද නිකුත් කිරීමට කටයුතු කළේය. මෙම මුල් දින සැමරුම් කවරය නිකුත් කිරීම සිදු වූයේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ජගත් පෙරේරා, උප සභාපති මනිල් ජයසිංහ, ජාතික සමුළු කමිටු සභාපති දුලිත පෙරේරා, ජාතික සමුළු තාක්ෂණික කමිටු සභාපති මොයිස් රෙහෙමන්ජි, ප්‍රධාන විධායක නිලධාරී දුලානි ප්‍රනාන්දු සහ ලේකම් ප්‍රසන්න ලියනගේ මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙනි.

CA Sri Lanka President Mr. Jagath Perera presenting a copy of the special commemorative first day stamp cover to mark the diamond jubilee of CA Sri Lanka and the 40th anniversary of the National Conference to Dr. Hans Wijayasuriya in the presence of Ms. Fiona Wilkinson, Mr. Ranjith Ariyaratne, Postmaster General, Mr. Rajitha K. Ranasinghe, Deputy Postmaster General (Operations), Mr. W. K. S. Sisira Kumara, Deputy Postmaster General (Western Province - South) and Mr. Shantha Kumara Meegama, Director, Philatelic Bureau.

දින දෙකක තාක්ෂණික සැසියකින්ද සමන්විත වූ මෙම සමුළුව 2019 ඔක්තෝබර් 16 වන දින සමාප්තියට පත්වූයේ ව්‍යාපාරික ප්‍රධානින් සහ ප්‍රධාන පෙළේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරින් ඇතුළු ක්ෂේත්‍රයේ 2000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙනි.

සමුළුව සඳහා සහභාගිවූවන්ට ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශකයන්ගේ දේශන වලින් දැනුවත් වීමේ මාහැඟි අවස්ථාව උදා වූ අතර එය ඔවුන්ට තමන් තුළ පවතින උද්‍යෝගය සහ අරමුණු නැවත සොයා ගැනිමට මෙන්ම ආයතනික ලොව තුළ මෙන්ම පොදුවේ රට තුළ ඉදිරියට යාම සඳහා ද මහත් ශක්තියක් විය.

මෙවර සමුළුවේ 40 වන සංවත්සරය සැමරීම විශිෂ්ට සාර්ථකත්වයක් බව ජගත් පෙරේරා මහතා සඳහන් කළේය. "මේ වසෙර් සමුළුව අපේ සාමාජිකයන්ට නැවත අලුත්වීම සඳහා උපකාරී වන අතර එමගින් ඔවුන්ට ඉදිරි ගමන හැඩගස්වා ගැනීමට අවශ්‍ය ජවයක් ලැඛෙනු නොඅනුමානයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ වෘත්තීය ජීවිතයේ මෙන්ම තම පුද්ගලික ජීවිතවලද සාර්ථකත්වයේ ඉහළටම යාමට ඔවුන්ට මඟ විවර වීමයි." පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Special invitees with CA Sri Lanka officials

ආකර්ෂණීය පෞරුෂය යම් තනි පුද්ගලයෙකු තුළින් පැන නැගුණත් එය ආයතන සහ ව්‍යාපාර තලයන්ද අන්තර්ගත කරගනිමින් පුද්ගලික මට්ටමෙන් ඔබ්බට ව්‍යාප්ත වන බව රෙහෙමන්ජි මහතා අවධාරණය කළේය. "අපේ උපරිම ඉලක්කය වන්නේ තම වෘත්තීන් කෙරෙහි නැවත බැඳීමක් ඇති වීම සඳහා උපකාරි වන සේ පෙළඹවීමක් සහ අරමුණක්නැ වත සොයා ගැනීම සඳහා වෘත්තිකයන් තුළ පිබිදීමක් ඇති කිරීමයි. එවිට ඔවුන්ට තම පුද්ගලික සාර්ථකත්වයන් කරා එළඹෙමින් තම සමාගම් වලට සහ පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවටම විශාල දායකත්වයක් ලබා දිය හැකි වනු නොඅනු මානයි." ඔහු තව දුරටත් පැවසීය.